ඇහැළියගොඩ පොලිස් බල ප්‍රදේශයට අද මධ්‍යම රාත්‍රියේ සිට සංචරණ සීමා

ඇහැළියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12.00 සිට ලබන 02 වැනි දින එනම් සඳුදා උදෑසන 5.00 දක්වා සංචරණ සීමා පැනවීමට ඇහැළියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් 08 කු ඇහැළියගොඩ කොට්ඨාසයෙන් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගත් බව ඇහැළියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි.
රත්නපුර සිරිපාගම, මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මකයි.
836 Views
Comments