ට්‍රාන්ස්ෆෝමරවල තඹ කම්බි කපමින් සිටි අයෙක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ට්‍රාන්ස්ෆෝමරවල තඹ කම්බි කපමින් සිටි අයෙක් පොලිස් අත්අඩංගුවට

ට්‍රාන්ස්ෆෝමරවල තඹ කම්බි කපමින් සිටි අයෙක් පොලිස් අත්අඩංගුවට

අධි බලැති විදුලි ධාරිතාවයකින් යුතු (33000) ට්‍රාන්ස්ෆෝමරයක සිට භූමියට සම්බන්ධ තඹ කම්බියක් කපමින් සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු අද (29) අලුයම් කාලයේ හාලිඇල පොලිස් වසමේ බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති ට්‍රාන්ස්ෆෝමරයකට තඹ කම්බිය කපමින් සිටියදී මෙලෙස හාලිඇල පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ස්ෆෝමර 06ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13ක් කවර දෙකක දමා තිබියදී පොලීසිය සිය භාරයට ගෙන ඇත.

 

අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හා මොවුන් විසින් දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි සොරකම් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් හාලිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

80 Views

Comments

arrow-up