නාමල් ගෙන් පොලිසියට දෝෂාරෝපණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

නාමල් ගෙන් පොලිසියට දෝෂාරෝපණයක්

නාමල් ගෙන් පොලිසියට දෝෂාරෝපණයක්

කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

 

සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

 

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමේදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ බවත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරිම මත ඔවුන් විසින් ලබාගත් කීර්තිය සහ හොඳ නමට කැළලක් ඇති වීම වලක්වා ගත යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

 

 

views

783 Views

Comments

arrow-up