සනත් නිශාන්තගේ මාධ්‍යහමුව ආවරණය කළ මාධ්‍යවේදීන්ට කටඋත්තර දෙන්න වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සනත් නිශාන්තගේ මාධ්‍යහමුව ආවරණය කළ මාධ්‍යවේදීන්ට කටඋත්තර දෙන්න වෙයි

සනත් නිශාන්තගේ මාධ්‍යහමුව ආවරණය කළ මාධ්‍යවේදීන්ට කටඋත්තර දෙන්න වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් වන අයුරින් සිදු කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පවත්වන විශේෂ විමර්ශනයට අනුව අදාළ මාධ්‍ය හමුව ආවරණය කරන ලද මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) අවසර ලබා දුන්නේය.

 

එලෙස රූපවාහිනී නාළිකා 05ක මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එලෙස අවසර ලබා දුන්නේය.



ඉකුත් අගෝස්තු මස 23 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා ඇප ලබා දෙන අයුරු විවේචනය කරමින් අදහස් දක්වමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය පවත්වනු ලබයි.

views

211 Views

Comments

arrow-up