මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ රැකියා අවස්ථා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ රැකියා අවස්ථා

මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 1,000කට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත. 

 

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට නියමිතව තිබේ.

 

අද(15) පෙරවරුවේ මාර්ගගත ක්‍රමයට සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතා ඒ බව සඳහන් කළේය.

 

මෙම රැකියා අවස්ථා සඳහා තෝරාගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟින් එක්වී අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණුවීම් සපුරාගත හැකිය.

views

820 Views

Comments

arrow-up