මෙරටින් කළු දිලීර රෝගීන් කිහිප දෙනෙක් හමුවෙයි

මෙරට කොරෝනා ආසාදිතයන් අතරින් කළු දිලීර රෝගීන් කිහිපදෙනකුද හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.
මීට පෙරද කළු දිලීර රෝගීන් මෙරටින් හමු වුවත් කොවිඩ් රෝගීන් අතරින් එම රෝගය මෙතෙක් හමුවී නොතිබුණු බවද හෙතෙම කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙස බැලීමේදී රට කොළ එළිය කරා ළඟා වෙමින් තිබෙන නමුත් සියයට සියයක් සෑහීමට පත්විය නොහැකි බවත් කළ යුතු බොහෝ දේවල් තිබෙන බවයි.
මේ අතර මෙරට ජනගහනයෙන් සියයට 50 කට පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් සහිත රටක් එවැනි ඉලක්කයකට යෑම විශාල ජයග්‍රහණයක් බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
761 Views
Comments