මහ මඟදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් කොටා සැකකරු සියදිවි නසාගනී

කහටගස්දිගිලිය - කුකුලෑව ප්‍රදේශයේදී කාන්තාවක් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී සැකකාර පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.
පහරදීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකර ඇති බව වාර්තාවේ.
පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා මාර්ගයේ ගමන්කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති අතර සිද්ධියෙන් මිය ගිය කාන්තාව කුකුලෑව, සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි සැකකාර පුද්ගලයාගේ බිරිඳ බව පොලිසිය පවසයි.
පහරදීම සිදුකර සියදිවි නසාගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි අයෙක් වන අතර මොවූන් දෙදෙනා කලක සිට වෙන් වෙන්ව ජීවත්වන බවට අනාවරණය වී ඇත.
ඊයේ (30) පස්වරුවේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
9586 Views
Comments