පුවක් ගසෙන් ආ මාරයා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

පුවක් ගසෙන් ආ මාරයා

පුවක් ගසෙන් ආ මාරයා

අන්සතු ඉඩමක පුවක් කැඩීමට ගිය මොරවක වෙලේවත්ත, ගොපළුගල ප්‍රදේශයේ පුද්ගලයෙකු පුවක් ගස කඩා වැටීමෙන් බිමට වැටී ජීවිතක්ෂයටපත්ව ඇතැයි මොරවක පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ වෙලේවත්ත, ගොපළුගල, අලපාලාදෙනිය, මොරවක ලිපිනයේ පදිංචි තිස්දෙහැවිරිදි කංකානම්ගේ චමිල් තාරක නැමැති දෙදරු පියෙකි.

 

මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට ආසන්නව පස් කණ්ඩියක් මත තිබූ පුවක් ගසක පුවක් කැඩීමට නැඟ ඇති මෙම පුද්ගලයා ගසේ මැද කොටසට යාමේදී ගස කඩා වැටී ඇති අතර ඉන් පසු මොහු ගසෙන් බිමට පැන තිබේ. 

 

අනතුරුව ඔහු තුවාල ලබා සුවසැරිය ගිලන්රථ සේවයෙන් මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද(24) මොරවක රජයේ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

821 Views

Comments

arrow-up