මෙවර සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්

සිංහල අලුත් අවුරුද්දෙන් පසු දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දළදා ප්‍රදර්ශනයක් වසර 16කින් පමණ පවත්වා නැති බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධව මහනාහිමිවරුන් සමග සාකච්ඡා කළ බවත් උන්වහන්සේලා ද ඊට කැමැත්ත පළ කළ බවත් කීවේය.
මෙම ප්‍රදර්ශනය සඳහා මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද සහාය ලබාගන්නා බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ මහනුවර දළදා මාළිගයට පැමිණි අවස්ථාවේදීය.
98 Views
Comments