අනිල් ජාසිංහ පීබීට ලියපු ලියුමක් පාදක කරන් එහෙම ඡන්ද තියන්න පුලුවන්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

අනිල් ජාසිංහ පීබීට ලියපු ලියුමක් පාදක කරන් එහෙම ඡන්ද තියන්න පුලුවන්ද?

අනිල් ජාසිංහ පීබීට ලියපු ලියුමක් පාදක කරන් එහෙම ඡන්ද තියන්න පුලුවන්ද?

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පී.බී. ජයසුන්දර මහතාට ලියපු ලියුමක් පාදක කරගෙන ඡන්දයක් පැවැත්වීමට හැකියි කියන කාරණාවට එකඟ වීමට නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා.

 

ඒ කොළඹදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙන්නේ රජයේ මෙවැනි ප්‍රකාශ වලට පදනම අනිල් ජාසිංහ මහතා පීබී ජයසුන්දර මහතාට ලියූ ලිපියක් පමණක් බවත් එය නිල සෞඛ්‍ය ප්‍රකාශනයක් නොවන බවත්‍ ය.

 

රටේ කොරෝනා අනතුර පහව ගොස් ඇතැයි අනිල් ජාසිංහ මහතා සිතයි නම් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ යුතුව ඇත්තේ නිශ්චිත තොරතුරු දත්ත සහිතව, කොරෝනා අනතුර පහව ගොස් ඇතැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්නත් පැහැදිලි කරමින් වාර්තාවක් සැපයීම බව පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙයි.

views

790 Views

Comments

arrow-up