ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ

ඊයේ දිනයේදී පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් දෙදහස් හාරසිය පනහක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් එනම් ආසාදිතයින් 311 දෙනෙකු වාර්තා වූයේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.
ඊයේ දිනයේදී කොවිඩ් රෝගීන් 293 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 223 දෙනෙකු කළුතරින්ද , 189 දෙනෙකු මහනුවරින්ද, 176 දෙනෙකු අම්පාර දිස්ත්‍රික්කයෙන්ද , 167 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද , 142 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් මේ වනවිට රෝගීන් දෙලක්ෂ අසූ දෙදහස් හත්සිය හැත්තෑ දෙනෙකු සුවය ලබා ඇති අතර රෝගීන් විසිඅටදහස් අටසිය හැත්තෑ දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.
946 Views
Comments