ප්‍රදේශ කිහිපයකට දහවල් කාලයේදී මිලිමීටර 100 ක වරෂාපතනයක්

අද (23) දිනයේ දී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක දහවල් කාලයේදී මිලි මීටර් 100ක පමණ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
එමෙන්ම පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25 ත් 35 ත් අතර ගනී.
ගාල්ලේ සිට පොතුවිල් දක්වාත්, පුත්තලමේ සිට කන්කසන්තුරේ දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
664 Views
Comments