පාසල් සේවයට බස් හිඟයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

පාසල් සේවයට බස් හිඟයි

පාසල් සේවයට බස් හිඟයි

ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා පොදු ප්‍රවාහන සේවා තවත් විධිමත් කරන ලෙස දෙමව්පියන් විසින් ඉල්ලා සිටියි.

 

පවතින ඉන්ධන ගැටලු නිසා පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දමා ඇති අතර දෙමව්පියන්ගෙ පෞද්ගලික වාහන භාවිතයේද ගැටලු මතු වී ඇත.

 

මේ හේතු නිසා පාසල් දරුවන් පොදු ප්‍රවාහනයට වැඩියෙන් නැඹුරු වී ඇති නමුත් ප්‍රමාණවත් පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන බවයි  දෙමව්පියන් පෙන්වා දෙන්නේ.

 

පෞද්ගලික බස් හිමියන්ගෙ සංගමයේ සභාපති සඳහන් කරන්නේ පෞද්ගලික බස් රථ සිසුන් සඳහා සඳුදා සිට යොදවන බව බස් හිමියන් පැවසුවද ඉන්ධන නොලැබුණොත් එසේ ක්‍රියා කිරීම අපහසු බවයි.

 

මෙම ගැටලුවලට වැඩියෙන් මුහුණ දීමට සිදු වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ටය. 

එම ප්‍රදේශවලට අතිරේක බස් රථ කීපයක් යොදවන ලෙස දෙමව්පියන් තවදුරටත් ඉල්ලා සිටියි.

views

255 Views

Comments

arrow-up