ඉන්දීය ධීවර ආක්‍රමණවලට එරෙහිව මෙරට ධීවරයින්ගෙන් විරෝධතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ඉන්දීය ධීවර ආක්‍රමණවලට එරෙහිව මෙරට ධීවරයින්ගෙන් විරෝධතාවක්

ඉන්දීය ධීවර ආක්‍රමණවලට එරෙහිව මෙරට ධීවරයින්ගෙන් විරෝධතාවක්

උතුරු නැගෙනහිර ධීවරයින්ට රජයෙන් සහන ලබා දෙන ලෙසත්, ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීම් කරමින් උතුරේ ධීවරයින් පිරිසක් අද (ඔක්.17) විරෝධතාවක නිරත විය.

 

අප වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් මෙම විරෝධාතය මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු යොදාගනිමින් බෝට්ටු පෙලපාළියක් සංවිධානය කර ඇති බවය.

 

දෙමළ ජාතික සන්ධානය විසින් දියත් කළ මෙම විරෝධතාවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්යන් මහතා ද සහභාගි වී තිබේ.

views

792 Views

Comments

arrow-up