වෛද්‍යවරියගේ රාජකාරියට බාධා කළ මොරටු නගරාධිපති ජුනි 11 දක්වා රිමාන්ඩ්

මොරටුව මෝල්පේ ප්‍රදේශයේ දී ඊයේ (27) පැවති එන්නත්කරණ වැඩසටහනක දී නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබා දීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරිය ප්‍රකාශ කිරීමත් සමග නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරි කාර්යාලය මොරටුමුල්ල පොලිසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව නගරාධිපති වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණා.
මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් අද (28) පෙරවරුවේ ඔහුගේ නිවස වෙත ගොස් තිබුණා. නමුත් එම අවස්ථාවේදී ඔහු නිවස තුළ සිට තිබුණේ නැහැ.
ඉන් අනතුරුව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අද පෙරවරුවේ ගල්කිස්ස පොලිසිය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ නිරෝධායන නීති කඩ කිරීම සහ රාජ්‍ය නිලධාරීන් ගේ රාජකාරීවලට බාධා කිරීම යන චෝදනා සම්බන්ධවයි.
සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන මස 11 වන දා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.
1027 Views
Comments