MAR
29
වෙරළ තීරයකින් නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගනී

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.
තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවය.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘතශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
104 Views
Comments