ඕස්ට්‍රේලියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදි සිටි පුද්ගලයින් 272 දෙදෙනෙකු අද (10) අලුයම දිවයිනට පැමිණියා.
අද උදෑසන 6.12ට ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ පැමිණි සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කළ අතර ඔවුන් වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳවද සොයා බැලුණා.
පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කිරීමටයි පියවර ගැණුනේ.
757 Views
Comments