අයවැය ඉදිරිපත් කරන දා පාර්ලිමේන්තු එන සියලු දෙනාට ඇන්ටිජන්

මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඇතුළු විය හැක්කේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරුවන රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයින්ට පමණක් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එදින පාර්ලිමේන්තුවට පිවිසීමට පැමිණෙන සියලුම දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කරන බවද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම තීරණය ගෙන තිබේ.
එම කොවිඩ් පරීක්ෂණ සඳහා 12 වනදා උදෑසන 9.00 සිට සියලු පහසුකම් සලසන බව පවසන වේත්‍රධාරිවරයා එදින පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු දෙනා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට තහවුරු කළ හැකි කාඩ්පත හෝ එහි පිටපතක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු බවද කීවේය.
එළැඹෙන වසරේ අයවැය යෝජනාව ලබන මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පස්වරු 3.00ට ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට නියමිතයි.
732 Views
Comments