දරුවන් යොදා ගත නොහැකි රැකියා ගණන 76 දක්වා ඉහළට

දරුවන් යොදා ගත නොහැකි අනාරක්ෂිත රැකියා සංඛ්‍යාව 76ක් දක්වා ඉහළට නංවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ එය තවත් මාස 02ක් තුළ නීතියක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවයි.
ගෙවුනු මාස 06 ක කාලය තුළ ළමයින්ට එරෙහි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4740ක් ලැබී ඇතැයිද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ළමුන්ට එරෙහි කෲරත්වය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇති බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේය.
මේ අතර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධව සොයා බැලීමට දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.
774 Views
Comments