රවී ඇතුළු 06 දෙනෙකු නිදොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

රවී ඇතුළු 06 දෙනෙකු නිදොස් කොට නිදහස්

රවී ඇතුළු 06 දෙනෙකු නිදොස් කොට නිදහස්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයකර අද නියෝග කළා.

 

2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාදිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි.

 

රවි කරුණානායක මහතාට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.

views

914 Views

Comments

arrow-up