2020 ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම කල් යයි

2020 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලට අනුව පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීම මාසයකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට බඳවාගන්නා ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙම මාසයක කාලය යොදා ගන්නා බවයි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ.
6 ශ්‍රේණියට ඇතුලත් කිරීමේදී පාසල් වල කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම පිළිබඳ නැවත සලකා බලා ලෙස දෙමව්පියන් ඇතුළු පාර්ශව රැසකින් ඉල්ලීම් ලැබී තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.
697 Views
Comments