AUG
17
අවම වේතන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳව පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(17) දැනුම් දුන්නේය.
ඊයේ(16) තමා එහි අත්සන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව සහතික කළ බවද ඔහු සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අතර සේවකයින්ගේ අවම වේතනය සම්බන්ධයෙන් නීති රෙගුලාසි රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වේ.
793 Views
Comments