හෙට දිනයේත් උණුසුම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

හෙට දිනයේත් උණුසුම ඉහළට

හෙට දිනයේත් උණුසුම ඉහළට

අද (19) පස්වරු 3 සිට පැය 24න් දක්වාඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි සඳහන් වන්නේ අදාළ කාලය තුල දිවයිනේ පළාත් 6කට සහ ප්‍රදේශ කිහිපයකට  උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි.

 

උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී ඇත.

 

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් දැනුම් දී තිබේ.

 

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

views

88 Views

Comments

arrow-up