ආනයනික ලුණු තොගයක් අද දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද(21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය.
මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි.
කන්න දෙකකදී මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර එක් කන්නයක අස්වැන්න පෙබරවාරි මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වාත්, අනෙක් කන්නයේ අස්වැන්න ජුනි මාසයේ මැද සිට ඔක්තෝම්බර් මාසයේ මැද දක්වාත් ලබා ගැනීම සිදුකෙරේ.
59 Views
Comments