රෑටත් නිවන්න කිව්වට දවලුත් පත්තු වෙන වීදි ලාම්පු

විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේදී වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් අදාළ අයතනවලින් ඉල්ලීම් කළද ජා-ඇල නගරය සහ තදාසන්න ප්‍රදේශවල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබේ.
විදුලිය ඉතිරි කර ගැනීමට පැය ගණනක් විදුලිය විසන්ධි කිරීම් පවා සිදු කරන මොහොතක විදුලිය මෙලෙස අපතේ යන අයුරින් බල්බ දල්වා තිබීම කනගාටුවට කරුණක් බව ජනතාව පෙන්වා දෙයි.
ප්‍රධාන මාර්ගවලින් පිටස්තර බොහෝ අතුරු මාර්ගවල වීදි ලාම්පු දැල්වීමට හෝ ඒවා නිවා දැමීමට නිසි ක්‍රමවේදයක් නොමැති බැවින් මේ තත්ත්වය උදාවී තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
640 Views
Comments