මුල්ලේරියාව රෝහලේ සේවක වැඩ වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

මුල්ලේරියාව රෝහලේ සේවක වැඩ වර්ජනය අවසන්

මුල්ලේරියාව රෝහලේ සේවක වැඩ වර්ජනය අවසන්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය අරඹා තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

 

රෝහල් අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා වැඩ පරිජි නියුතු සේවකයින්ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එම සේවකයින් වැඩ වර්ජනය අත්හල බවයි වාර්තා වන්නේ.

 

ඊයේ දිනයේදී රෝහල් කණිෂ්ඨ සේවකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ හේතුවෙන් කණිෂ්ඨ සේවක මණ්ඩලය මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

 

පෙර පුවත මෙතැනින්...

 

 

 

 

 

views

640 Views

Comments

arrow-up