ඡන්දය ගැන මැතිවරණ කොමිසම මත හතරක

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත හතරක් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ ඔවුන් සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි.
කොමිසමේ නිදහස කොමිසමට භාර දී ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ. කොමිසම ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවත් අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නිළධාරීන් හමුවේ පවසා තිබෙනවා.
නීතිපතිවරයාද එහිදී දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන් නීතිපතිවරයා වෙත දැනුවත් කරන ලෙසයි.
161 Views
Comments