බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම වහාම නවත්වයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන සියලුම බෙදුම් කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම රථවාහන වලට වාහන වලට අමතරව බූලිවලට සහ බැරල් වලට ඉන්ධන ලබා දෙන බෙදුම් කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද දැනුවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ වන විට දිවයින පුරා ඇති අධික ඉන්ධන හිඟයට හේතුවෙන් රථ වාහන බොහෝමයක් ඉන්ධන පෝලිම් වල රැඳී සිටින අතර ඊට සමාන්තරව ප්ලාස්ටික් බූලි සහ විශාල කෑන් ගත් පිරිසක් ද ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් ගැසී ඇති අයුරු දැකගන්නට පුළුවන්.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක්දී කළ විමසීම් වල දී අනාවරණය වූයේ මේ ආකාරයට ප්ලාස්ටික් බූලි වලට සහ බැරල් වලට ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින් ඉන්පසු ඒවා වැඩි මිලට අලෙවි කරන බවයි.
700 Views
Comments