ඩෙවෝන් ඇල්ලේ පහළ ප්‍රදේශයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඩෙවෝන් ඇල්ලේ පහළ ප්‍රදේශයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

ඩෙවෝන් ඇල්ලේ පහළ ප්‍රදේශයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

දිඹුල - පතන ප්‍රදේශයේ ඩෙවෝන් දිය ඇල්ලේ පහළ ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබියදී ඊයේ (01) සවස කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

මෙම මළ සිරුර මීට දින හයකට පමණ පෙර ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටී අතුරුදහන්වූ පතන කඩවීදීය පදිංචි මලර්විලී නමැති වයස අවුරුදු (55)ක කාන්තාවකගේ බව ඇගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇත.

 

මළසිරුර බෙහෙවින් නරක්වී ඇති බව වාර්තාවේ.

 

පසුගිය මස 18 වන දින තරුණියක්ද මෙසේ ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී අතුරුදහන් වී තිබේ. 

 

එම තරුණිය පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති අතර දිඹුල - පතන පොලීසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

views

7832 Views

Comments

arrow-up