ඊයේ දින දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

ඊයේ දින දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වේ

ඊයේ  දින  දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින්  වාර්තා වේ

කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු ඊයේ (22) දිනය තුළ හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 56,862කි.

 

ඉන් පුද්ගලයින් 48,616 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. 

 

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139 කි. නුවරින් ආසාදිතයින් 108ක් සහ කොළඹින් ආසාදිතයින් 101ක් ලෙස වාර්තා වී තිබේ.

 

ඊයේ දිනයේ හදුනගත් ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වි තිබෙනවා.

 

නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,

 

  • ගම්පහ - 139
  • මහනුවර - 108
  • කොළඹ - 101
  • කළුතර - 66
  • කුරුණෑගල - 65
  • ගාල්ල - 61
  • මාතලේ - 45
  • රත්නපුර - 39
  • මාතර - 23
  • අම්පාර - 18
  • හම්බන්තොට - 14
  • මඩකලපුව - 14
  • මොණරාගල - 11
  • නුවරඑළිය - 11
  • පුත්තලම - 11
  • කිලිනොච්චිය - 10
  • යාපනය - 10
  • කෑගල්ල - 08
  • පොළොන්නරුව - 07
  • මන්නාරම - 06
  • වව්නියාව - 05
  • මුලතිව් - 04
  • බදුල්ල- 03
  • අනුරාධපුර - 03
  • ත්‍රීකුණාමලය - 02
views

943 Views

Comments

arrow-up