නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභා සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්අහිටුවිමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කටයුතු කර තිබෙනවා

 

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාළ ධුරවලින් ඉවත් කර ඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා අඥාපනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර තිබෙනවා

 

මාස තුනක කාලයක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

views

708 Views

Comments

arrow-up