වැවක පා වූ මළ සිරුරක් පී.සී.අර්. පරීක්ෂණයකට

කුලියාපිටිය කිරින්දව වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් හමු වී ඇති අතර එය වහුමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
එසේ මියගොස් තිබුණේ වහුමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රංජිත් කමලසිරි නමැති අයෙකි. දේහය හඳුනාගැනීම සඳහා පැමිණ සිටි මරණකරුගේ ඥාතීහු එහිදී පොලිසියට පැවැසූයේ මරණකරු කලක පටන් සුළු මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවයි.
කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා යටිකහ දකුණ කෝරළේ හදිසි මරණ පරීක්ෂක ටී.ජී. කරුණාරත්න ඉදිරියේ සිරුර ගොඩගෙන වැඩිදුර පරීක්ෂණය සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමු කෙරිණි. එහිදී දේහය සම්බන්ධ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිත විය.
722 Views
Comments