NOV
10
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාරයාලය හෙට සිට විවෘතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවකින් හෙට සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කලේ කොරෝනා වසංගත තත්වය සමග වසාදැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබෙන බවයි.
කෙසේ වෙතත් එම කාර්යාලය මගින් සැපයෙන සේවාවන් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල හරහා ලබා ගත හැකි වනවා.
720 Views
Comments