JUL
08
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීම පැය 48 කට කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝහල් පද්ධතිය දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ.
එළඹෙන සඳුදා ,අඟහරුවාදා දින වන විට මෙම අර්බුදය විසඳුවේ නැති නම් රෝහල් පද්ධතිය ස්වයංක්‍රීයව වැසී යාම වැළැක්විය නොහැකි බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
218 Views
Comments