DIG වෙස් ගෙන රැගූ සුපිරි ගණිකා නිවාසේ පැටිකිරිය එළියට

මීගමුව කදිරාන ප්‍රදේශයේ වසර ගණනක් සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් හොර රහසේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවසේ හොර පොලිස් ලොක්කාත් පොලිස් දැලට හසුවේ.
ඔහු කිරුලපන ප්‍රදේශයේ අයෙකු වන අතර ඔහු එහි තරුණියන් ඉදිරියේ හැසිරි ඇත්තේ තමා DIG කෙනෙක් යැයි රංගනයක් දමමින් බව හෙළිව තිබෙනවා.
ඔහුව වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට බිය වී ඇතැම් තරුණියන් මෙහි දීර්ඝ කාලයක් ගණිකා වෘත්තියෙහි නියැලී ඇති බවයි වාර්තා වන්නේ.
වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරු මත මේ වැටලීම සිදු කළ අතර මේ ගණිකා මධ්‍යස්ථානයට දේශපාලන ප්‍රභූන් ඇතුළු ව්‍යපාරිකයින් රැසක්ද පැමිණ තිබෙනවා.
පොලිස් වැටලීම සිදු වන විටත් මෙහි සුරූපි තරුණියන් 5 දෙනෙකු ගණිකා වෘත්තියෙහි යෙදී තිබෙනවා.
රුපියල් 5000 සිට 20000,30000 දක්වා මෙහි තරුණියන් අළෙවි වී ඇතැයි වාර්තා වන්නේ.
699 Views
Comments