කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිට කොරෝනා

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග එහි සියලු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ස්ථානයෙන් මගී ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා .
කෙසේ වුවත් දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සදහා අවට දුම්රිය ගේට්ටු තුන සඳහා ගේට්ටු ආරක්ෂකයින් ආදේශක රාජකාරි සඳහා යොදවා තිබෙනවා
604 Views
Comments