නිදන කාමරයේදී ජංගම දුරකථනය භාවිතයෙන් මොළයට සහ ස්නායු පද්ධතියට දැඩි හානි

නිදන කාමරය තුළ ජංගම දුරකථන භාවිතා කිරීම සහ රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් මොළයට හා ස්නායු පද්ධතියට හානි විය හැකි යැයි වසංගත රෝග විද්‍යාඥ, අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර), විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
ජංගම දුරකථන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් අහිතකර විද්‍යුත් චුම්භක තරංගවලට නිරාවරණයවීම නිසා මෙම සෞඛ්‍ය ගැටලු ඇති කරන බවද ඇය කියා සිටියාය.
මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකථන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රි නින්දට යෑමට පෙර සිය නිදන කාමරයේ එබඳු උපකරණ ඉවත්කර හෝ ක්‍රියා විරහිත කර තබන ලෙසද පලිහවඩන මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.
307 Views
Comments