චාවාකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක්? - සති කිහිපයකට පසු එළියට ආ වෙනස්ම කතාව මෙන්න

සිරුරට ගිනි තබාගෙන මියගිය බවට තීරණය වූ යාපනය චාවාකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සැක සහිත බවට ලද පැමිණිලි හේතුවෙන් චාවාකච්චේරි පොලිසිය එම මරණය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ඉකුත් 01 දා ආරම්භ කොට තිබේ.
සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනී සදීසන් මහත්මිය සයමස් ගැබිනියකව සිටියදී පසුගිය පෙබරවාරී මස 16 දා යාපනය ශික්ෂණ රෝහලේදී මියගියේ පිළිස්සුම් තුවාල ලැබීම නිසාය.
ඇගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා ප්‍රකාශකොට තිබුණේ අත් වැරදීමකින් ඇගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි.
එහෙත් ඉදිරිපත් වූ තවත් සාක්‍ෂි මත එම මරණය සියදිවි හානි කරගැනීමක් බවට තීන්දු වීමෙන් පසුව අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඇගේ දේහය ඥාතීන් වෙත භාර කෙරුණි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා ග්‍රාම නිලධාරියෙකු වන අතර බිරිඳ රෝහල්ගත කරන විට ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී බිරිඳගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ පියා වන පී. ෂන්මුගරාජා නමැත්තා කෝපායි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය සියදිවි හානි කරගත් බවට ඉදිරිපත් වන තොරතුරු සාවද්‍ය බවත්, මේ මරණය මිනීමැරුමක් බවට තමන් විශ්වාස කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් තවත් නිර්නාමික පැමිණිලි හා දුරකතන ඇමතුම්ද පොලිසිය වෙත ලැබී තිබේ.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ කෝපායි පොලිසිය විසින් ආරම්භ කොට තිබේ.
220 Views
Comments