හිමිනමයි ගුරාල තුනයි කරටි කැඩෙන්න ගසා පාසල් ගුරු නිවාසයේ මහ රෑ පාටි දාලා - මාට්ටු වුණ හැටි මෙන්න

මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක පාසලක් තුළ දරුවකු කෑ ගසන හඬක් ඇසෙන බව පවසමින් මහියංගණ පොලිස් ස්ථානයට ලැබුණු 119 දුරකථන ඇමතුමකට අනුව රාත්‍රි සේවා මුරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාල පාසල ගොස් ගම්වාසීන් සමඟ පරීක්ෂා කිරීමේදී පාසලේ ගුරු නිවාසයක් තුළ හිමි නමක් හා ගුරුවරු තිදෙනෙකු මත්පැන් සාදයක් පවත්වමින්, දැඩි ලෙස බීමත්ව සිටිනු දැකගත හැකිව ඇති අතර දරුවෙකු හඬන ලෙසට හඬමින් සිට ඇත්තේ අධික ලෙස බීමත්ව බිම වැටී සිටි හිමි නමකි.
සිද්ධිය දුටු ගම්වාසීන් කුපිත වී එම පිරිසට ගුටිබැට දීමට සැරසෙද්දී වහාම පොලිසිය මැදිහත් වී ඇතිවීමට ගිය උණුසුම් තත්වය පාලනය කර, ප්‍රතිකාර හා ආරක්ෂාව සඳහා අධික ලෙස බීමත්ව බිම වැටී සිටි හිමිනම මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් වූ හිමිනම ඒ වනවිටත් අඩු රුධිර පීඩනයෙන් සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරීම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදීමට හැකිව ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ මහියංගණ අධ්‍යාපන කලාපයේ මැදයාය ගම්මානයේ පාසලකයි. දැඩි ලෙස බීමත්ව සිටි හිමිනම අදාළ පාසලේ විනය භාර ගුරුවරයා ලෙසද කටයුතු කරන්නේය.
හිමි නම බීමත්ව සිටියේද යන්න පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ද සිදු කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් විසින් අදාළ රාජකාරි කටයුතු සිදු කෙරේ.
489 Views
Comments