ඇඳිරිනීතිය අතරතුර පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලයි - ඔරුවක් තුල සැඟවීමට ගිය හිමිකාරියට මී මැසි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ඇඳිරිනීතිය අතරතුර පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලයි - ඔරුවක් තුල සැඟවීමට ගිය හිමිකාරියට මී මැසි ප්‍රහාරයක්

ඇඳිරිනීතිය අතරතුර පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලයි - ඔරුවක් තුල සැඟවීමට ගිය හිමිකාරියට මී මැසි ප්‍රහාරයක්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ දී අධික මිල ගණන්වලට අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් අලෙවිකළ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

 

කොට්ටාව අඟහරුවාදා පොල ආසන්නයේ දෙමහල් නිවසක් තුළ පවත්වාගෙන ගිය මෙම ඉහල පැලැන්තියේ ගණිකා නිවාසය තුල සිටියදී කාන්තාවන් සිව් දෙනෙකු සහ ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි  පිරිමි පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනුණා.

 

පොලිසිය මෙම ස්ථානයට පැමිණෙන විට රහසිගතව එම ආයතනය තුළ ඇති බෙහෙත් ඔරුවක සැඟවීමට ගණිකා නිවසේ කළමනාකාරවරිය උත්සාහ කර තිබෙනවා. එවිට එහි තිබූ මී වදයක් ඇවිස්සී මී මැස්සන් විසින් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

 

ඇයගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් මෙම ජාවාරම සිදු කරන ආකාරය හෙළිදරව් කර තිබුණා.

 

ඔවුන් සුරූපිනියන්ගේ ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර එයින් ලැබෙන ප්‍රතිචාර වලට අනුව එක් තරුණියක් පැයක කාලයක් සඳහා රු. 5000 ත් 10,000ත් අතර මුදලකට අලෙවි කර තිබෙනවා.

 

පොලිසිය පැමිණෙන අවස්ථාවේ සේවය ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයා විසින් ගෙනවිත් තිබූ රු.5,000 මුදලද පොලිසිය සිය භාරයට ගැනුණා

views

4519 Views

Comments

arrow-up