“හැමදාම පාරෙ මේ බස්එක දකියි උඹ නැතිවෙයි....නිවන් සුව සහෝදරයා” - රම්බොඩ ඛේදවාචකයේ රියැදුරු ගැන පොලිස් නිලධාරියෙක් තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

“හැමදාම පාරෙ මේ බස්එක දකියි උඹ නැතිවෙයි....නිවන් සුව සහෝදරයා” - රම්බොඩ ඛේදවාචකයේ රියැදුරු ගැන පොලිස් නිලධාරියෙක් තැබූ සටහන

“හැමදාම පාරෙ මේ බස්එක දකියි උඹ නැතිවෙයි....නිවන් සුව සහෝදරයා” - රම්බොඩ ඛේදවාචකයේ රියැදුරු ගැන පොලිස් නිලධාරියෙක් තැබූ සටහන

පුද්ගලයින් 22කට දිවි අහිමි කළ ගැරඬිඇල්ලේ මාරක බස් අනතුර පිළිබදව තවමත් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
 

ඊයේ අලුයම සිදුවූ මෙම මාරක අනතුරෙන් බස් රථයේ රියදුරුටද දිවි අහිමි වුණා.
 

ඔහු සම්බන්ධයෙන් වන සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
 

එහි විශේෂත්වයක් වන්නේ එම සටහන පොලිස් නිලධරයෙක් තැබූ සටහනක් වීමයි.
 

මේ එම සංවේදී සටහන...
 

නිවන් සුව ලැබෙිවා උබ හැමදාම මගේ ඉස්සරහින් ගියා දවස් ගානක් මම නැවැත්තුවා වෙිගේ වැඩි නිසා ඉරි කපන නිසා...

මට කිවුවෙ සර් සමාවෙන්න මට එලවන්න තියෙන දුර වැඩියි චුටිටක් එහෙ මෙහෙ වෙනව සර් ආයෙ එහෙම යන්නෙ නෑ කියල...

කවදාවත් මම උබව ලිවුවෙ නෑ උබ හරි කපටිය පොලිසියෙන් බේරිලා යන්න හොදට දන්නව .ඒත් කවදාවත් නීතිය හෑල්ලුවට ලක් කලේ නෑ සර් ලියනව නමි ලියන්න කිවුවා...

දුර ගමන් සේවා බස්‌රථ එහෙමයි .හැබැයි මම දැක්ක දක්ෂ රියදුරෙක් හොද විනයක් ඇති රියදුරෙක් ...හැබැයි මේ අනතුර ඔයාගේ වරදින් නෙවෙයි කියල තාම මට හිතෙනව ....
හැදාම මම මගේ පාරෙ මේ බස්එක දකියි උබනැතිවෙයි....නිවන් සුව සහෝදරයා

 

views

258 Views

Comments

arrow-up