පොලිස් පෙම අවුල්වී කොස්තාපල්වරියට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පොලිස් පෙම අවුල්වී කොස්තාපල්වරියට නවතින්න වූ තැන

පොලිස් පෙම අවුල්වී කොස්තාපල්වරියට නවතින්න වූ තැන

පොලිස් පෙම්වතා සමග ඇතිවූ අමනාපයක් මත හට ගත් සිත් තැවුල නිසා එක්තරා ඖෂධ වර්ගයක් අධි මත්‍රාවකින් පානය කළ බව කියන කොස්තාපල්වරියක රෝගාතුරව නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර සිටින බව නාරහේන්පිට පොලිසිය සදහන් කරයි.

 

මෙම සිද්ධියට අදාළව කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.

 

කොස්තාපල්වරිය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

 

පොලිස් කොස්තාපල්වරයා සහ කොස්තාපල්වරිය පොලිස් කොට්ඨාස දෙකක රාජකාරියේ නිරතව සිටින දෙදෙනෙකි.

 

නාරහෙන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

177 Views

Comments

arrow-up