පෙම්වතා සමඟ ලැගුම්හලකට ගොස් පැමිණ නිවසේ දබර කළ සිසුවියගේ පැමිණිල්ල සෙවීමට ගිය පොලිස් සැරයන් කල නොමනා වැඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

පෙම්වතා සමඟ ලැගුම්හලකට ගොස් පැමිණ නිවසේ දබර කළ සිසුවියගේ පැමිණිල්ල සෙවීමට ගිය පොලිස් සැරයන් කල නොමනා වැඩේ

පෙම්වතා සමඟ ලැගුම්හලකට ගොස් පැමිණ නිවසේ දබර කළ සිසුවියගේ පැමිණිල්ල සෙවීමට ගිය පොලිස් සැරයන් කල නොමනා වැඩේ

තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් එහි සිටි 16 හැවිරිදි සිසු දැරියකට කාමරයක් තුළදී ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කරයි.



අඳුරු රාත්‍රියක, පොලිස් නිල ඇඳුම පැළඳගත් විශ්වාසවන්ත ආරක්ෂකයෙකු ලෙස තිස්සමහාරාමයේ නිවෙසකට පැමිණි සැරයන්වරයා, සහායට පැමිණි මිනිසෙකු නොව, අපරාධකරුවකු වීම 16 හැවිරිදි දැරියකගේ ජීවිතය වෙනස් කළේය. ඇයගේ ආරක්ෂාව සලසන්නට පැමිණි තැනැත්තා, ඇයගේ අහිංසක භාවය මොහොතකින් විනාශ කරන කතාව මෙසේය...



පසුගිය 02 වන දින රාත්‍රියේ තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසක සිදු වූ සිදුවීම ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කැළඹීමකට පත් කර ඇත. තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙකු, 16 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම සිදුවීම සමාජයේ දැඩි අවධානයට ලක් වී ඇත්තේ පොදු මහජනතාව විශ්වාසය තැබූ ආරක්ෂක අංශයක නිලධාරියෙකු විසින් එම විශ්වාසය බිඳ දැමීම නිසාය. විශේෂයෙන්ම, රටේ නීතිය හා සාමය රැකීමට වගකීම් දරන පොලිස් සේවකයෙකු විසින් ඒ නීතියම උල්ලංඝනය කිරීම සිදුවීමේ ඇති බරපතලකම තවත් වැඩි කරයි.



තිස්සමහාරාමයේ පදිංචි අදාළ දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමක් කර තිබිණි. රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි සැකකාර සැරයන්වරයා මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා දැරියගේ නිවස වෙත පැමිණ ඇත.



නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව, දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගේ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට දැනුම් දී තිබිණි.

 


ඇය පෙම්වතා සමග 'රූම්' ගොස් අවිනීත ලෙස හැසිරී තිබියදීත් නිවැසියන් ගණනකට නොගෙන රණ්ඩු සරුවල් කර තිබෙන අතර පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ ඒ අනුවයි.

 


 මව විසින් කරන ලද පැමිනිල්ල අනුව සිසු දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බව හෙළි වූ බව වාර්තා වේ.
 

 

පොලිස් අධිකාරි ප්‍රකාශයකට අනුව, දැරියගෙන් තොරතුරු විමසීම සඳහා 119 ඇමතුම අනුව නිවසට ගිය සැකකාර සැරයන්වරයා, ඇය රැඳී සිටි කාමරය වෙත ගොස් තිබේ. දැරියගෙන් පෙම්වතා සමග ගියේ කෙහිදැයි අසන්නට අවශ්‍ය නිසා තනිවම කාමරයේ සැරයන්වරයා හා දැරිය සාකච්ඡා කළ යුතු බව පවසා ඇති අතර නිවැසියන් ඊට ඉඩදී ඇත.ඔහු ඇය සමග කතා කරමින් සිටි අතරතුර, 'ඔයා මේ වැඩ වලට ආසයිනේ 'කියමින් සැරියන්වරයා දැරියට සමීප වී ඇති අතර දැරියට ලිංගික අතවර කර ඇත. එම අවස්ථාවේ ඇය කෑගැසූ නිසා නිවැසියන් පැමිණ පරීක්ෂා කරද්දී නිල කලිසම ගලවාගෙන කාමරයේ සිටි සැරයන්වරයා හසුවී තිබේ. පොලිස් නිලධාරි‍යාගේ අතවර තැත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට දෙමාපියන් කටයුතු කළ අතර ඉන් පසු, සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.

 


මෙම සිදුවීමේ ඇති සංවේදී බව මෙන්ම එහි බරපතලකම තේරුම් ගැනීම වැදගත්ය. පොලිස් නිලධාරියෙකු යනු නීතිය ක්‍රියාත්මක කරන හා ජනතාව ආරක්ෂා කරන චරිතයකි. නමුත් මෙම සිදුවීමේදී, සැරයන්වරයා ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කර ඇත. ඔහුගේ වෘත්තීය වගකීම වූයේ ගැටුමක් විසඳීම හා දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ වෙනුවට ඔහු දැරියගේ අසරණභාවය හා තනිකම යොදා ගනිමින් ඇයට හිංසා කිරීමට පෙළඹී ඇත.

 

තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව ඉහළ නිලධාරීන්ට වාර්තා කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් විසින් කටයුතු කරනු ඇත.



මෙම සිදුවීම පුවත් වාර්තා වීමත් සමඟ සමාජයේ විවිධ අංශවලින් දැඩි ප්‍රතිචාර එල්ල වී ඇත. විශේෂයෙන්ම, ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් හා සංවිධාන මෙම සිදුවීම හෙළා දැක ඇත.



ශ්‍රී ලංකාවේ නීතිය අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට එරෙහිව සිදු කරන ලිංගික අපරාධ ඉතා බරපතල වරදක් ලෙස සැලකේ. 1995 අංක 22 දරන අපරාධ නීති සංශෝධන පනත මගින් ළමයින්ට එරෙහිව සිදු කරන ලිංගික අපරාධ සඳහා දැඩි දඬුවම් නියම කර ඇත.



වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට ලිංගික අතවර කිරීම, ඒ සඳහා උත්සාහ කිරීම හෝ අනුබල දීම බරපතල අපරාධ ලෙස සැලකෙන අතර, එවැනි වරදකරුවන්ට වසර 10 සිට 20 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ හැකිය.

 

විශේෂයෙන්ම, රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු කරන ලද එවැනි අපරාධයක් තවත් බරපතල ලෙස සැලකිය හැකි අතර, දඬුවම් තවත් වැඩි කිරීමට හේතුවක් විය හැකිය.



පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර, පොලිසිය පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ඉවහල් වනු ඇත. එමෙන්ම, මහජනතාව විසින් ද සක්‍රිය ලෙස ළමා ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර ගැනීම වැදගත් වේ.

 

- උපුටා ගැනීමක් 

views

404 Views

Comments

arrow-up