බිරිඳගේ කනකර උකසට තබා ගිලන් රථයක් තැනූ ත්‍රීරෝද රථ රියදුරා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

බිරිඳගේ කනකර උකසට තබා ගිලන් රථයක් තැනූ ත්‍රීරෝද රථ රියදුරා

බිරිඳගේ කනකර උකසට තබා ගිලන් රථයක් තැනූ ත්‍රීරෝද රථ රියදුරා

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්ව තිබෙන ඉන්දියාවේ රෝගීන් ප්‍රවාහනය ගිලන් රථ ප්‍රමාණවත් නොමැති වීමෙන් රෝගීන් දැඩිලෙස අසරණ වී තිබෙනවා.

 

ඊට පිළිතුරක් වශයෙන් ඉන්දියාවේ, බෝපාල් හී ගිලන්‍ රථ නොමැතිව පීඩා විදින ජනතාවට සේවා සැපයීමට ත්‍රීරෝද රථ රියදුරෙකු ඉදිරිපත්ව තිබෙනවා. ඔහු නමින් ඛාන් මොහොමඩ් ජාවෙඩ්.

 

ඔහු සිය ත්‍රිරෝද රථය ගිලන් රථයක් බවට පත් කර එමගින් කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන් රෝහල් වෙත ගෙන යනු ලබනවා

 

මේ පුද්ගලයා සිය බිරිඳගේ රන් අභරණ අලෙවි කිරීමෙනුයි, තම ත්‍රීරෝද රථය ගිලන්‍ රථයක් බවට පත්කිරීමට අවශ්‍ය මුදල් සොයාගෙන තිබෙන්නේ.

 

ඔහු මේ වන විට මෙය දින 15-20 තිස්සේ සිදුකර ඇති අතර මේ වනවිට බරපතළ රෝගීන් 09 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි ඔහු පවසන්නේ.

 

"ගිලන්රථ හිඟය හේතුවෙන් මිනිසුන් රෝහල් වෙත ගෙන යන ආකාරයේ මම සමාජ මාධ්‍ය වල සහ ප්‍රවෘත්ති නාලිකා වල දුටුවෙමි එබැවින් මම මෙය කිරීමට සිතුවෙමි." ඔහු එසේ පවසනවා.

 

 

 

 

 

 

 

views

1107 Views

Comments

arrow-up