“අංජලී ඉපදිලා දවස් 31ක්, අපි දෙන්නා කෝච්චියේ නැඟලා එන්නෙ හොරෙන්” - අතීතය මතක් කල කේ. සුජීවා

”ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත ආදරණීය ගායිකා කේ. සුජීවා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.
කේ. සුජීවා කියන්නෙ දියණියන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.
මෑතක වැඩසටහනකට එක්වෙමින් කේ. සුජීවා කියූ ඇගේ දුක්බර කතාවයි මේ.
”කාන්තාවක් විදිහට ඇහෙනවා, මට කන්න විදිහක් නෑ දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ, කියලා සමාජයේ කියන අයව දකිනවා මම, හැබැයි ඇත්තටම මම අංජලි එක්ක තනිවුණා. මට උන්නේ ලොකු අම්මා, ලොකු අම්මගේ අතකුත් කැඩිලා. අංජලී ඉපදිලා දවස් 31ක්, අපි දෙන්නා කෝච්චියේ නැඟලා එන්නෙ හොරෙන්. කොහෙද යන්නෙ කියලවත් අදහසක් නැතුව.”
”නැදෑයන්ගේ ගෙදරක හිටියේ. පස්සෙ කුලියට, වත්තල නැවතුණේ. සිංහල වචනයකවත් දන් නැතුව. මෙයාව ජීවත් කරවන්න, සමාජයට ගේන්න මම ඒ චැලේන්ජ් එක ගත්තා. මට ජොබ් එකකට යන්න වුණා. මම ප්‍රසන්ටර් කෙනෙක් විදිහට ජොබ් එක කළේ මුලින්ම, අවුරුදු තුනා හමාරක් එළිය දැකලා නෑ, (නයිට් ප්‍රෝගෑම් නිසා) අංජලිව දකින්නෙ විනාඩි කීපයකට, ඇඳ ගාව රේඩියෝ එකක් තියල තිබ්බා මාව ඇහෙන්න, මම ඒ හදාගත්ත විදිහ. කාන්තාවන්ට විතරක් නෙවේ හැමෝටම පුලුවන් තමන්ගේ ගමන ස්ථීර කරගෙන යන්න.”
258 Views
Comments