“කඩුලු‍ තහංචිය”‍ ගැන අහල තිබ්බද... - වියැකී යන සංස්කෘතිකාංගයක් එළියට ආ අවස්තාවේ අපූරුව බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

“කඩුලු‍ තහංචිය”‍ ගැන අහල තිබ්බද... - වියැකී යන සංස්කෘතිකාංගයක් එළියට ආ අවස්තාවේ අපූරුව බලන්නකෝ (PHOTOS)

“කඩුලු‍ තහංචිය”‍ ගැන අහල තිබ්බද... - වියැකී යන සංස්කෘතිකාංගයක් එළියට ආ අවස්තාවේ අපූරුව බලන්නකෝ (PHOTOS)

හෂාන් තිලකරත්න වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ආදර්ශමත් යුවලක්.. 

 

ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතා පහුගිය දවසක විවාහ වුණේ බොහොම චාම් විවාහ උත්සවයකින්.. ඒ මංගල සීනු හැඩවිලා වැඩි කල් යන්න කලින් ඔවුන්ට තවත් විවාහ මංගල්‍යයකට සූදානම් වෙන්න වෙලා...

 

ඉතින් ඔවුන් දෙපලගේ තවත් දරුවෙක් පසුගිය දවසක විවාහ වුණේ ගොඩක් සරල විවාහ මංගල උත්සවයකින් අනතුරුවයි.. අපේකම අඩු නැති මේ විවාහ උත්සවයේදී ඔවුන්ග් ගිලිහී යන අපේ සංස්කෘතියට අලුත් පණක් ලබාදීලා..

 

මේ බලන්නකෝ ඒ අපූරු අවස්තාව.. ඒ වගේම ගිලිහී යන මේ සංස්කෘතියේ වටිනාකමත් ඒ ගැන දැනුවත් කළ පිරිසටත් ස්තූතිවන්ත වෙන්න අප්සාරි අමතක කරලා නැහැ..

 

"ඕනෑම රටකට ජාතියකට මහා රුකක් සේ ශක්තිමත්ව නැගීසිටිය හැක්කේ සංස්කෘතික මුල් නොසිදී ගියහොත් පමනි. තාමත් මේ පිළිබදව කරුණු කාරණා දන්නා ගැමියන් අපේ පිටිසර ගම්වල සිටී. ආදි ගැමි සිරිතට විරිතට මා හරි ප්‍රිය කරන කෙනෙකුන් වශයෙන් දිනක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විමසා සිටියා අපේ වියැකී යන උඩරට මගුල් තුලා එදවස කෙරුණු අයුරු . ඔහු පැවසු බොහෝ කාරණාවලින් මා සිත් ගත් එක් අංගයකි මගුල් තහංචි කවි. ඉතින් පුතාගේ විවාහ ගිවිස ගත් දා මා මට තේරුම් ගිය පරිදි ඒ අපූරු අංගය එක්ව ඉදිරිපත් කලා . ස්තූතියි අනූ නංගී කවිටික හොයලා දුන්නාට "

views

70 Views

Comments

arrow-up