සිරිපාදයේ යන්න ගිය විදේශිකයා ඉඳිකටුපාන අසලදී අවසන් ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

සිරිපාදයේ යන්න ගිය විදේශිකයා ඉඳිකටුපාන අසලදී අවසන් ගමන් ගිය හැටි

සිරිපාදයේ යන්න ගිය විදේශිකයා ඉඳිකටුපාන අසලදී අවසන් ගමන් ගිය හැටි

ගෞතම ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයකු ඊයේ (20) ජීවිතක්ෂයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

 

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ජෙස්පර්සන් ටොර්සන් නමැති 68 හැවිරිදි අයෙකි.

 

ඔහු සිය බිරිඳ සමග 19 වැනිදා පස්වරුවේ නල්ලතන්නිය වෙත පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන 20 වැනිදා අලුයම ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී ඉඳිකටපාන ප්‍රදේශයේ දී පෙරවරු 7ට පමණ හදිසියේ රෝගාතුර වී ඇති බවත්, පසුව ඉඳිකටුපාන පොලිස් මුරපොළේ නිලධාරීන් රෝගී වූ විදේශීය සංචාරකයා රෝහල් ගත කිරීම සඳහා නල්ලතන්නියට රැගෙන ඒමට කටයුතු කළ බවත් ඒ එන විටදීත් සංචාරකයා මියගොස් සිටි බවත් පොලිසිය කියා සිටියේය.

 

මියගිය විදේශිය සංචාරකයාගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.

 

මියගිය විදේශිකයා ලංකාවට පැමිණීමෙන් පසු සීගිරිය ප්‍රදේශයේ දී රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට තහවුරු ව ඇත.

views

163 Views

Comments

arrow-up