“සුභපැතුම් එක්කල සියලු‍ම දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය” - දියණියගේ විවාහය ගැන ගායන ශිල්පි කීර්ති පැස්කුවල් තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

“සුභපැතුම් එක්කල සියලු‍ම දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය” - දියණියගේ විවාහය ගැන ගායන ශිල්පි කීර්ති පැස්කුවල් තැබූ සටහන (PHOTOS)

“සුභපැතුම් එක්කල සියලු‍ම දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය” - දියණියගේ විවාහය ගැන ගායන ශිල්පි කීර්ති පැස්කුවල් තැබූ සටහන (PHOTOS)

ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය චාරුණි, පහුගිය දවසක සිය ජීවිතයේ සුවිශේෂීම පරිච්ඡේදයක් ආරම්භ කළා.

 

ඒ විවාහ දිවියට පිවිසෙමින්.

 

ඇගේ අතගත් වාසනාවන්තයා වුණේ, කමිත්.

 

 

ඉතින්, දියණියගේ විවාහය ගැන කීර්ති පැස්කුවල් තැබූ ආදරණීය සටහනයි මේ....

 

''ප්‍රිය හිතවතුනි...

දියණියක් විවාහ වෙලා වෙනත් සෙවනකට, අලුත් කැදැල්ලකට යනවා කියන්නේ තාත්තා කෙනෙකුට දරාගන්න බැරි දුකක් වගේම සතුටක්.

ඒ ගැන කියන්න තේරුම් කරන්න වචන මදි.

නමුත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් වන අපි හැමෝම කැපවීම් කරන්න ඕනේ.

මගේ දියණියගේ පසුගිය සැප්තැම්බර් 6දා පැවති විවාහ මංගල උත්සවයේ ලස්සන ඡායාරූප ටිකක් අද මට ලැබුනා.

ඉතා චාම්ලෙසත් ගෞරවයනීය ලෙසත් මේ මංගල්‍යය පවත්වන්නට අපි සැලසුම් කලා.

විවාහ මංගල උත්සවයට සහභාගී වී සුභපැතුම් එක්කල සැමට වගේම, සමාජ මාධ්‍යය තුලින්

දුවටත් පුතාටත් සුභපැතුම් එක්කල සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය මෙයින් පිරිනමනවා.

එමෙන්ම විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරයක් ලබාදුන් සියලුම YouTube, Instagram, Facebook පිටුවලටත් මගේ හදපිරි ස්තූතිය පිලිගන්න.

එමෙන්ම මෙම උත්සවය සාර්ථක කරගන්නට සහයෝගය ලබාදුන් සියලු දෙනාටද අපේ බෙහෙවින් ස්තූතියි.

නමක් අමතක වුනා නම් සමාවන්න.''

 

 

 

 

 

views

1764 Views

Comments

arrow-up