කෝලිගෙ අතගන්න සිහින මැවූ ඩැනී වයට් විවාහ වෙයි - කෝලිගේ විවාහ‍යටත් සුබපතලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

කෝලිගෙ අතගන්න සිහින මැවූ ඩැනී වයට් විවාහ වෙයි - කෝලිගේ විවාහ‍යටත් සුබපතලා (PHOTOS)

කෝලිගෙ අතගන්න සිහින මැවූ ඩැනී වයට් විවාහ වෙයි - කෝලිගේ විවාහ‍යටත් සුබපතලා (PHOTOS)

විරාත් කෝලිට විවාහ යෝජනා අරන් ආව තරුණියන් මහ හුඟක් හිටියත් ඒ අතර වඩාත් කතාබහට ලක්වුණු සහ පුවත් සිරස්තල මැවූ තරුණියකි, එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඩැනී වයට් (Danielle Wyatt)

 

කාලයක් තිස්සේ ඇය කතාබහට ලක්වුණේ කෝලිට ගෙන ආ විවාහ යෝජනාවත් පසුව ඇය සමලිංගික ප්‍රේමයක් තෝරාගැනීමත් එක්ක.

 

මේ වෙද්දි ඇය එම තේරීම ජීවිතේ කොටසක් කරගෙන අවසන්.

 

ඔව්.. වයට් සිය සහකාරිය වන ජෝර්ජි හෝජ් (Georgie Hodge) එක්ක විවාහ වෙලා.

 

ඒ, පහුගිය දවසක Chelsea Old Town Hall හි සමීපතමයින් සමඟ පැවති අපූරු විවාහ මංගල්‍යයකින්.

 

 

ඩැනී වයට්, කෝලිට යෝජනාවක් අරන් ආවේ සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ කතාව මීට දශකයකට එහා වුණු සිදුවීමක්.

 

 

කොහොම නමුත් පස්සෙ ඇය කෝලි - අනුෂ්කා විවාහයටත් සුබපතලා තිබුණා.

 

මේ කාරණාවන් ඔක්කෝමත් එක්ක වයට් පසුකාලීනව සමලිංගික වීමට තීරණය කිරීම කවුරු අතරත් කතාබහට ලක්වෙන්න ගත්තා.

 

ඒ කතාබහ වැඩි කළේ ඇයගේ විවාහ මංගල්‍යය.

 

 

වයට් සිය ජීවන සහකාරිය හැටියට තෝරාගත් ජෝර්ජි හෝජ් ද කාන්තා පාපන්දු කණ්ඩායමක කළමනාකාරිනියක ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයට ගැඹුරු සම්බන්ධයක් ඇති අයෙක්.

 

 

තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ඩැනී වයට් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 'තීරණාත්මක ක්‍රීඩිකාවක්' කිව්වොත් නිවැරදියි.

 

ඒ වගේම ඇය සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සන්ධිස්ථාන රැසක් අත්පත් කරගෙන ඇති ක්‍රීඩිකාවක්.

 

 

වයට් - ජෝර්ජි ආදර කතාව ගැන කවුරුත් කතාබහ කරන්න පටන් ගන්නෙ 2023 මාර්තුවල, වයට් දකුණු අප්‍රිකාවේ මනරම් පසුබිමකදී ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කළ විට.

 

මේ නිවේදනයත් එක්ක දෙන්නට සෑහෙන පිරිසකගේ සුබපැතුම් ගලා ඇවිත් තිබුණා.

 

ඔන්න ඉතින් එහෙම පටන් ගත්ත ආදර කතාව අද වෙද්දි විවාහයක් දක්වා දුරදිග ගිහින්...

 

views

543 Views

Comments

arrow-up