සදහටම නික්ම ගිය මාධ්‍යකරණයේ දැවැන්තයෙකුගේ කවුරුත් නොදුටු අවසන් කැමති පත්‍රය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

සදහටම නික්ම ගිය මාධ්‍යකරණයේ දැවැන්තයෙකුගේ කවුරුත් නොදුටු අවසන් කැමති පත්‍රය මෙන්න

සදහටම නික්ම ගිය මාධ්‍යකරණයේ දැවැන්තයෙකුගේ කවුරුත් නොදුටු අවසන් කැමති පත්‍රය මෙන්න

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(20) සිදු කෙරුණා.

 

කලක් අසනීපව සිටි ඔහු මියයන විට 75 වන වියෙහි පසුවුණා.
 

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය.
 

අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමිනි.
 

71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ලෙස දක්නට ලැබේ.
 

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසිනි.
 

එහි කුටප්‍රාප්තිය ඔහු රාවය සඟරාව සහ පුවත්පත් ආරම්භ කිරීමය.
 

රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම වේ.
 

පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙක් ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින් චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්විය.
 

කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී ය.
 

මිය යන විට ඔහු 75වැනි වියෙහි පසුවිය.
 

ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකෙරුණේ ඔහුගේ අවසන් කැමැත්ත ඉල්ලීම මතයි...

 

views

201 Views

Comments

arrow-up